Saturday, April 16, 2011

කදු පිටින් නාය යන ජීවිතේ පාමුල පුංචි පුංචි මල් පොහොට්ටු පිපෙන්න පටන් අරන්....

                කදු පිටින් නාය යන ජීවිතේ පාමුල පුංචි පුංචි මල් පොහොට්ටු පිපෙන්න පටන් අරන්....ඇස් අග්ගිස්සෙන් වැටුනු කදුළු මල් පෙති අතරෙ හරි අපුරුවට  දිලිසෙනවා...ජිවිතෙන් අතැරෙන හැම දේටම අතැරෙන්න දුන්නට පස්සෙ මම හිතුවේ ජිවිතේට කියලා කිසිම දෙයක් ඉතිරි වෙලා නැ කියලා...පහුගිය ටිකේ හැම දුකක්ම අමතක කරලා ලෝකෙට පේන්න හරි හිනා වෙන්න ඕන උනා...ඇත්තටම හිනා වුනා.... ඒ නිසාමද කොහෙදෝ පහුගිය ටිකේම ලියන්න දෙයක් තිබුනෙ නැ...

                  ඒත් කාලෙකට පස්සේ අකිකරු හිතට ඇත්තටම සතුටුයි.....ඇස්වලට කදුළු පිරෙන තරම් සතුටුයි.....ඒකට හේතු දෙකක් තියෙනවා... පළවෙනි හේතුව තමයි...පහුගිය කාලේ මේ ජිවිතෙන් ගොඩක් ඈතට ගිය කෙනෙක් ආයෙමත් ආව එක.....බැදිම් කියන්නෙ දුකක් කියලා දැනන් උන්නත් සමහර වෙලාවට ඒ බැදීම් තමයි අපිව ජිවත් කරන්නේ.....මේ ජිවිතේට කවුරුත් එපා කියලා හැමෝගෙන්ම ඈත් උන කාලය පුරාම ජිවිතේ දැනුනු හිස් බව ඉතිරි කලේ  ජිවිතේ ගැන  කළකිරිමක් විතරයි...ඒත් ජිවිතේ සිද්ධ වෙන පුංචි දේකට පුළුවන් හැම දෙයක්ම වෙනස් කරන්න...
“කවදාවත් දුක දැනෙන්නේ නැති මිනිස්සු ලග දුක කියන්න එපා..ජිවිතේ වහගන්න එන කළුවරට බයේ ඇස් වහගන්න එපා... ඒවගේම ඔයා ජිවිතේට බය වෙන්න එපා මගේ පණ තියෙනකන්... 
කාලෙකට පස්සෙ මම තනි වෙලා නැ කියලා දැනුනේ මේ වචනත් එක්ක...ඉතින් මම ජිවිතයට බය වෙන්නේ මොකටද.......

          අනෙක් හේතුව ආයෙමත් මේ පොළවෙ පය ගහන්න පුංචි ඉඩක් තවමත් තියෙනව කියලා දැන ගත්ත එක... පහුගිය ටිකේ කළ වෛද්‍ය පරික්ෂණ වලට අනුව අවුරුදු 12 කට පස්සෙ එයාලා අසනිපය මොකද්ද කියලා හොයාගෙන...ඉතින් ඊයේ දවසේ ජිවිතේ ආයෙමත් අලුත් බලාපොරොත්තුවකින් පිරුනා....

             ජිවිතේ මහ පුදුම දෙයක්...හැම හීනයක්ම මගේම කර ගන්න හදද්දි ඒවා ඈතින් ඈතට ඇදිලා යනවා..ඒත් මට කිසිදෙයක් එපා කියලා අයින් වෙන්න හදද්දි... හැම දෙයක්ම බලෙන්ම ලගට එනවා...ඉතින් දැන් මම සතුටින්....

-----------------------------------
 
මේ උදාවෙන අවුරුද්ද සෑම දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සතුට සැනසීම පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....

No comments:

Post a Comment