දැනුමට යමක්

..:: අලුත් තාක්ශණ ක්‍රමයක් ::..



වයර් එකක් යොදා ගනිමින් උපකරණ දෙකක්  අතර දත්තයක් හුවමාරු කිරීමේ කලාව දැන් ටිකෙන් ටික මහලු අවදියට පත්වෙලා.ඒ රැහැන් රහිත එනම් (Wireless) ක්‍රමය නවීන විද්‍යාව විසින් ජනිත කර ඇති නිසාවෙනි.

අද ලෝකයේ භාවිතා කරන වයර්ලස් තාක්ශණ ක්‍රම

**තාක්ශණ වර්ගය**     **එහි තොරතුරු**

*බ්ලූටූත්                                     *මෙම ක්‍රමය භාවිතාකොට අඩි 100ක
                                                   වටප්‍රමානයක දත්ත හුවමාරු කළ හැක.
*යූ එල් පී බ්ලූටූත් හෙවත් වයිබ්‍රි   *මෙමගින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයක් 
                                                    පමනයි හුවමාරු කළ හැක්කේ.
*සිග්බී                                        *මෙහි ඇති ලොකුම වාසිය එකවර
                                                   උපකරණ කිහිපයක් සමඟ දත්ත
                                                   හුවමාරු කරගත හැක.
*එන් එෆ් සී                                *එය ඉතාම දුර්වල විකාශන පරාසක්
                                                   හිමි ක්‍රමයකි.මෙයින් සෙන්ටිමීටර
                                                   කිහිපයක දුර පමනයි දත්ත හුවමාරු
                                                   කළ හැක්කේ.
*වයි ෆයි                                   *මෙම ක්‍රමයනම් ඉතාම වාසිදායකයි.
                                                  මෙයින් පුලුල්පරාසයක ඉතාම
                                                  වෙගයකින් අන්තර්ජාල සබඳතාව
                                                  ලබාගත හැක.
*වයිමැක්ස්                               *මෙය ඉතාම කාර්යක්ශම ක්‍රමයකි.
                                                 මෙය මයික්‍රොවේව් තරංග ආශ්‍රයෙන් ඉතා                      
                                                 වේගවත්ව දත්ත හුවමාරු කරගැනීමට
                                                 මෙන්ම පුලුල් පරාස විහිදෙන ක්‍රමයකි.

මෙවැනි තාක්ශන රාශියක් අභිබවා වාසි රැසක් සමඟින් යූ ඩබ්ලිව් බී (UWB)Ultra Wide Band තාක්ශනය කල එලි බැස තිබේ.
මෙහි විශිශත්වය විශාල දත්ත ගොනු ඉතා අඩු කාළයක් තුල හුවමාරු කිරීමයි.නමුත් මෙහි විකාශන දුරනම් ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ අඩි 30ක පමන දුරක සිට හුවමාරු කරගත හැක.

මෙය යොදා ගනිමින් ඇමරිකාවේ බෙල්කින් සමාගම වයර්ලස් යූ එස් බී හබ් එකක් නිර්මාණය කර ඇත.මෙහි යූ එස් බී උපකරණ ඕනම එකක් සම්බන්ද කළ හැක.

මෙම තාක්ශනය  Ultra Wideband තරංග වලින් ගොඩනැගී ඇත.
එනම් වයර්ලස් කමයට වේගවත්ව දත්ත හුඅමාරු කිරීමට මේ ක්‍රමයට හැකියාව ඇත.
ඔවුන් පවසන අන්දමට මෙගා බයිට් 400 ගොනුවක් මේ ක්‍රමය හරහා යැවීමට නම් තත්පර 90 ගතවෙනවයි කියල.නමුත් මේ ක්‍රමය වයි ෆයි සමඟ සැසඳීමේදී වයි ෆයි ඉතාම දුර්වලයි.වයි ෆයි වලදී මෙගා බයිට් 400 ගොනුව යැවීමට තත්පර 160 ගතවනවා.
ඉතින් යූ ඩබ්ලිව් බී තාක්ශණය විශාල ගොනු හුවමාරුවේදී ඉදිරියෙන් සිටිනවා.

..:: අන්තර්ජාල වියමන නිර්මාණය

යිබර් වියමන එදා මෙදාතුර ගොඩ නැංවූයේ ටික ටිකෙන් ටිකය.රට රටවල් එකමුතුවෙන් මෙය මුලු ලොව පුරාම විකාශනය කිරීමට උරදී කටයුතු කර ඇත.එය ලෙහෙසි පහසු ක්‍රියාවක්නම් නොවේ.2010 වසර වන විට තාක්ශණය අතින් සුපිරි තලයකට පියමන් කිරීමට ලෝක වාසීන්ටම හැකියාව උදාවී තිබේ.
තාක්ශණය කෙතරම් දියුණු වූවත් රටක් ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට යොදාගනු ලබන දුරකථන සහ අන්තර්ජාල මාධ‍යයන් ද්විත්වයම සිදු කරන්නේ රැහැන් යොදාගෙන හනන ලද ජාලයක් මගිනි.නමුත් අද ලෝකයේ සන්නිවේදන මාද්‍යය රැහැන් රහිත ක්‍රම වලට හුරුවෙමින් පවතිනු ලබයි.

නමුත් අදටත් ලෝකයේ රට රටවල් දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කරනු ලබන්නේ සාගරය තුල පිහිටුවා තිබෙන විශේෂ රැහැන් ජාලයක්  මගිනි.මෙය යල්පැනගිය ක්‍රමයක් ලෙස ඔබට සිතෙන එක අසාදාරන නැත.මන්ද අද විශ්වය බොහොම දියුනුයි.
මෙම රැහැන් එලා සිදුකරන ජාලයතුල වාසි මෙන්ම අවාසිද එමටය.සාගර ප්ත්ලේ එලා තිබුනද අනාරක්ශිත බවින් වැඩිය.මෙයට නිදසුන්නම් බොහෝය.මේ ඉන් කිහිපයකි.

2008 වසරේ ජනවාරි 30ත් එම වසරේම පෙබරවාරි 03 යන දින 05 ඇතුලත ගල්ෆ් කළාපයේ සිදුවුනු රැහැන් බිඳ වැටීම්.මෙය සිදුවී තිබෙන්නේ නැව් වල නැංගූරම් වල පැටලීමෙනි.මෙම හේතුවෙන් ධනවත් රටවල් කිහිපයකටම අති විශාල ආර්තික පාඩුවක් සිඩුවී අත.එපමනක් නොව අන්තර්ජාල භාවිතා කරන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.එහි සංඛ‍යාත්මක තොරතුරු මෙසේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ග්‍රාහකයින් දාහත් ලක්ශයක් දෙනාට ද , ඉන්දියාවේ ග්‍රාහකයින් කෝටි හයක පිරිසකට ද , පාකිස්ථානයේ ග්‍රාහකයින් එක්කෝටි විසි ලක්ශයකට ද , ඊජීප්තුවේ ග්‍රාහකයින් හැට ලක්ශයකට ද , සයුදි අරාබියාවේ ගරාහකයින් හතලිස් හත් ලක්ශයකට ද , 
ග්‍රාහකයින් වශයෙන් අර්බුදයට මුහුන පෑමට සිදුවී ඇත.

සමාගම් ආශ්‍රිත බිඳ වැටීම් මේසේය.
ඉන්දීය සමාගම් 1250ක වැඩකටයිතු අඩපන වී ඇත.යුරෝපය සමඟ ගනුදෙනු කරන හත් ලක්ශයක් පමන පිරිසට ඔහේ බලා සිටීමට සිදු විය.පෙබරවාරි 01 දින ඉන්දීය කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දැමුනි.

කෙසේ නමුත් දින 10 ති 12 හක කාළය තුල සිදුවූ ආර්ථික පාඩුව දල වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100 කට කිට්ටු ගනනක් වී ඇතිබව සඳහන්ය.


 අන්තර්ජාලය සහ දුරකථන ජාලය තවත් රටක් සමඟ සම්බන්ද වනුයේ කේබල් මගිනි.මෙතනදී කේබල් විශේෂ ක්‍රමයකට සකසා තිබේ.මුල් කාලයේදි නම් කේබල් තඹ හා තවත් ලෝහ මිශ්‍රකර තනන ලදී.නමුත් වර්ථමානය වන විට ප්‍රකාශ තන්තු උපයෝගී කරන් සාදා ඇත.
පහලින් තිබෙන්නේ එම කේබලයක හරස්කඩකි.

ඉහත චායාරූපයේ පරිදි

1 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලි එතිලීන් ආවරණය.
2 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණය.
3 . ශක්තිමත් බව රඳාපවතින ලෙස සකසූ ගැල්වනයිස් කල වානේ කම්බි.
4 . ජලය කාන්දු නොවෙන සේ තැනූ ඇලුමිනියම් ආවරණය.
5 . පොලිකාබනේට් ආවරණය.
6 . තඹ හෝ ඇලුමිනියම් ආවරණය.
7 . පෙට්ට්‍රෝලියම් ජෙලි මාධ්‍යයක්.
8 . ප්‍රකාශ තන්තු සමූහය.

සමුදුර කේබල් සිතියම 2010 පහල රූපයෙන් දිස්වේ.


අද ලෝකයේ, මුහුදේ එලා තිබෙන කේබල් සියල්ලම ප්‍රකාශ තන්තු කේබල් නොවේ.තඹ සහ වෙනත් ලෝහ වලින් සෑදූ කේබලුත් බොහොමයක් පවතිනු ඇත.ප්‍රකාශ තන්තු භාවිතා කරීමට මුලින්නම අදහස් කර ඇත්තේ 1980 දශකයේය. මුලින්ම -8 නම් ප්‍රකාශ තන්තු ටෙලිෆෝන කේබලය එලා ඇත්තේ 1988 දීය.

කේබල් එලන පිරිසක්





..:: ලොව මිළ අධිකම සිතුවම් ඔබ දැකල තියේද...? 

ඔයාල දැකල තියෙනවද ලෝකයේ මිළ අධිකම චිත්‍ර.ලෝකයම කතා බහ කරන,අති ප්‍රසිද්ධියක් උසුලන සිත්තරන්ගෙ සුප්‍රකට සිතුවම් පහක් පෙළගස්සවා ඒවාට මිළගණන් ඉදිරිපත් කර ඇත.
බලන්නකො පහලින් තිබෙන්නේ පිළිවෙලින් වැඩිම මිළක් තබා ඇති සිතුවමේ සිට ක්‍රමයෙන් මිළගනන් තබා ඇති අන්දම.
1
ගස්ටාව් ක්ලිම්ට්ව සිතුවම් කරන ලද ඇඩෙලි බ්ලොච්-බෝ ගේ සිතුවමේ මිළ ඩොලර් 135,000,000 කි.මෙය රොනල්ඩ් එස්.ලෝඩර් විසින් 2006 වසරේදී මිළදී ගනු ලැබීය.

2
සුප්‍රකට පැබ්ලෝ පිකාසෝගේ Garcon a al Pipe නම් සිතුවමට ඇ.ඩො 104,100,000 හිමිවෙමින් දෙවන ස්ථානයේ සිටීයි.

3

මෙයත් පැබ්ලෝ පිකාසෝගේ ඩෝරා මාර් සමඟ පූසා නැමති සිතුවමඉ.මෙය ඇ.ඩො 95,200,000 මිළ කොට ඇත.

4

වින්සන්ට් වෑන්ගෝ ගේ ඩොක්ටර් ගචෙට් නම් සිතුවම.ඇ.ඩො 82,500,000 කට මිළකොට ඇත.

5
පියරේ ඔගස්ට් රේනර් ගේ සිතුවම ඇ.ඩො 78,000,000 කට පස්වන තැන හිමිකරගෙන මිළ කර ඇත







3D Technology.....



                                                                                                     





වර්තමානයේ අපට නිතර ඇසෙන වචනයක් බවට මේ කියන 3D Technology එක පත්වෙලා කියෙනවා .3D TV , 3D Monitors හරහා මේ කියන 3D Technology එක අත්විදින්න පුලුවන් බවයි පැවසෙන්නේ. සැබවින්ම 3D Technology ලෙසින් හදුන්වන්නේ කුමක්ද....?

මුලින්ම අපි බලමු පියවි ලෝකයේදී අප දෑස් වස්තූන් හදුනාගන්නා ආකාරය.අප දෑස් යම් වස්තුවක් දකින්නේ දිගක් හා පලලක් ඇති ද්වීමාන ආකාරයකටයි. මෙහිදි අප දෑස් වලට ගැඹුර පිලිබද අවබෝධයක් නැත .එහිදි අප දකින්නේ ජයාරූපයකදි දක්නා මෙන් ද්විමාන රූපයකි .නමුත් එකිනෙකට පරතරයක් සහිතව පිහිටි අප දෑස් මගින් දක්නා ලද එම රූපය අපගේ මොලය වෙත සන්නිවේදනය කිරීමෙන් අනතුරුව මොලය විසින් වම් සහ දකුණු ඇසින් දක්නාලද වු එම රූපසටහන් එකලස් කොට එහි ගැඹුර පිලිබද යම් නිශ්චයක් ලබාදෙයි. එවිට අප හට එම වස්තුවේ ගැඹුර පිලිබද අවබෝධයක් ලැබේ..

එසේම සැබෑ ලෝකයේදි 3D Technology එක පාවිච්චි කරන විට එය නැරඹිම සදහා විශේෂිත වු උපැස් යුවලක් භාවිත කෙරේ.ඇත්කෙන්ම මෙම උපැස් යුවල මගින් ඇස රැවටිමක් සිදුකෙරේ. පරිඝනක තිරයකදි හෝ රූපවාහිණි තිරයකදි හෝ සිනමාවකදි අපට ත්‍රිමාණ ස්වරූපය නිවැරදිව දැකගත හැක්කේ මෙම උපැස් යුවලට පිං සිද්ධ වීමටයි.

මෙවැනි උපැස් යුවලක දක්නට ලැබෙන්නේ නිල් සහ රතු වශයෙන් යුතු වීදුරු 2කි. ප්‍රො‍ජේක්ටර 2 විසින් විසින් තිරය මතට රූප පතිත කිරීමේදි එම රූප මතට නිල් සහ රතු වශයෙන් සෙවනැලි 2ක් තිරය මතට ප්‍රක්ෂේපණය කරනු ලබයි. මෙය පියවි ඇසට පෙනෙන්නේ බොද වූ සෙවනැල්ලක් ලෙසිනි .

මෙහිදී තිරයේ පවතින රතු සෙවනැල්ල රතු පැහැති වීදුරුවෙන් නොපෙ‍නේ. ඒ කාචය සහ සෙවනැල්ල එකම වර්ණය බැවිනි. එම නිසා රතු සෙවනැල්ල සහිත රූපය හදුනාගන්නේ නිල් පැහැ කාචය මගිනි. නිල් පැහැ සෙවනැල්ල සහිත කාචය හදුනාගන්නේ රතු පැහැ කාචය සහිත ඇසයි. දැන් අපගේ ඇස් දෙක විසින් එකිනෙකට මදක් වෙනස් පිහිටීමෙන් යුතූ රූප 2ක් දුටු බවට මොලය කරා සංඥාවක් යවනු ලැබේ.ඉන්පසු මොලයේ බාහිකය මගින් එම රූපයන් සංසන්දනය කර එ සදහා නිශ්චිත ගැඹුරක් ලබාදීම සිදුකෙරේ. ඉන්පසුවයි අපහට ත්‍රිමාණ රූපයක් දිස්වනුයේ.

පහත රූපයෙන් දැක්වෙන්නේ 3D උපැස් යුවලක් තුලින් ත්‍රිමාණ දර්ශණයක් නැරඹිමේ දසුනකි


කේසේ වෙතත් වර්තමානයේ ත්‍රිමාණ තාක්ෂණය බෙහෙවින් ප්‍රචලිත වී ඇත .මෙම තාක්ෂණය සහිත නොයෙක් මාදිලියේ රූපවාහිනි , පරිඝණක තිර මෙන්ම අද වන විට ත්‍රිමාණ තිර සහිත ජංගම දුරකතන පවා වෙලදපල තුල දක්නට ලැබේ.එ අතරම ත්‍රිමාණ චිත්‍රපට කර්මාන්තයද සිඝ්‍ර ලෙස වර්ධනය වේ. වෙනකක් තබා අන්තර්ජාලයේ විඩීයෝ ගබඩාව වන youtube හි පවා ත්‍රිමාණ විඩියෝ දර්ශණ දක්නට ලැබේ.

සැ.යු
ත්‍රිමාණ තාක්ෂණය එ අකාරයට වේගයෙන් දියුණු වුවද ඇතැම් වෛද්‍යයවරුන් පෙන්වා දෙන පරිදි මෙයින් මොලය‍ට හා ඇසට අධික වෙහෙසක් ඇතිකරන බව පැවසේ. මන්දයත් සමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැරව මෙම කෘතිම සැකැස්ම තේරුම් ගැනීමට යැමේදි අපගේ මොලයට මෙන්ම ඇසටද අධික වෙහෙසක් ගෙන දෙන බව ඔවුන් පවසයි....