Tuesday, November 12, 2013

Tinydeal 2013 Android Phone Giveaway (+playlist)

http://www.youtube.com/v/6yiIZJUYU9U?list=UU2KyMGskBHEnI9OLWWR6T0Q&version=3&attribution_tag=KZbBP8l5FJL_biff5rqKWQ&feature=share&autoplay=1&showinfo=1&autohide=1

Thursday, June 23, 2011



වින්ඩෝස් 7 සිංහලෙන්

දැන් ගොඩාක් අය පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7 නේ. නැත්නම් Bill Gate මහත්තයා පවුනේ.එහෙම හිතලා මාත් වින්ඩෝස් 7 තමා වැඩියෙන් පාවිච්චි කරන්නේ.හැබැයි පැත්තකින් උබුන්ටුත් තියන් ඉන්නවා නිකං තනියට වගේ....

අද මම කියන්නේ වින්ඩෝස් 7 වල DISPLAY LANGUAGE එක සිංහලට හැරවිම ගැන. එ කියන්නේ සිංහල භාෂාවෙන් වින්ඩෝස් වල මුලික කටයුතු කරන හැටි ගැන ඔන්න මම screen shots ටිකක් දානවා බලන්නකෝ එක.....





මෙන්න මේ විදියට LANGUAGE එක වෙනස් කරගන්න ගොඩාක් පොඩි software එකක් ඔයාලගේ pc එකේ පිහිටුවා ගන්න.එකේ නම Windows 7 භාෂා අතුරු මුහුණත් පැකේජය

අවෂ්‍යතාවන්....

• Microsoft Windows 7
• Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
• 4.63 Mb ඉඩක් බෑමට
• 15 Mb ඉඩක් සිටුවීමට

මෙන්න DL Link එක


ඔයාලගේ pc එකට ගැලපෙන විදියට 32බිට් හෝ 64බිට් වලින් බාගත(dl) කරගන්න.
after installation restart ur pc

හැබැයි යාලුවනේ මේ‍කෙ තියෙන සමහර සිංහල වචන තේරුම් ගන්න සිංහල-සිංහල dic ඔන වෙයි හොදේ ...!



2.windows 7 logon background changer



හැමදාම දකින windows 7 logon background එක දැකලා දැකලා එපා වෙලාද තියෙන්නේ. ඔන්න එකට හොද විසදුමක්. windows 7 logon background changer පාවිච්චි කරලා ඔයාලට ඕනැම පින්තුරයක් windows 7 logon background එකට දාගන්න පුලුවන්.


DL Link
http://download.cnet.com/Windows-7-Logon-Background-Changer/3000-2072_4-10971736.html

Saturday, April 16, 2011

නිසල සයුර

ඕනවටත් වඩා නිසල වී ඇත,
මහ සයුර......
මහ හඩින් මොර දි 
ගැයු ගී හඩ....
ඇසෙන්නැ දැන් ලවන් අබියස...
 මේ නිසල නිහඩ බව
කියයි රහසින්...
සැඩ පරුෂ කුණාටුව
දැන් අත ලගම බව...
ඉදින් මම සොයමි 
සැගවෙන්න,
සිප්පි ක‍ටුවක්...

කදු පිටින් නාය යන ජීවිතේ පාමුල පුංචි පුංචි මල් පොහොට්ටු පිපෙන්න පටන් අරන්....

                කදු පිටින් නාය යන ජීවිතේ පාමුල පුංචි පුංචි මල් පොහොට්ටු පිපෙන්න පටන් අරන්....ඇස් අග්ගිස්සෙන් වැටුනු කදුළු මල් පෙති අතරෙ හරි අපුරුවට  දිලිසෙනවා...ජිවිතෙන් අතැරෙන හැම දේටම අතැරෙන්න දුන්නට පස්සෙ මම හිතුවේ ජිවිතේට කියලා කිසිම දෙයක් ඉතිරි වෙලා නැ කියලා...පහුගිය ටිකේ හැම දුකක්ම අමතක කරලා ලෝකෙට පේන්න හරි හිනා වෙන්න ඕන උනා...ඇත්තටම හිනා වුනා.... ඒ නිසාමද කොහෙදෝ පහුගිය ටිකේම ලියන්න දෙයක් තිබුනෙ නැ...

                  ඒත් කාලෙකට පස්සේ අකිකරු හිතට ඇත්තටම සතුටුයි.....ඇස්වලට කදුළු පිරෙන තරම් සතුටුයි.....ඒකට හේතු දෙකක් තියෙනවා... පළවෙනි හේතුව තමයි...පහුගිය කාලේ මේ ජිවිතෙන් ගොඩක් ඈතට ගිය කෙනෙක් ආයෙමත් ආව එක.....බැදිම් කියන්නෙ දුකක් කියලා දැනන් උන්නත් සමහර වෙලාවට ඒ බැදීම් තමයි අපිව ජිවත් කරන්නේ.....මේ ජිවිතේට කවුරුත් එපා කියලා හැමෝගෙන්ම ඈත් උන කාලය පුරාම ජිවිතේ දැනුනු හිස් බව ඉතිරි කලේ  ජිවිතේ ගැන  කළකිරිමක් විතරයි...ඒත් ජිවිතේ සිද්ධ වෙන පුංචි දේකට පුළුවන් හැම දෙයක්ම වෙනස් කරන්න...
“කවදාවත් දුක දැනෙන්නේ නැති මිනිස්සු ලග දුක කියන්න එපා..ජිවිතේ වහගන්න එන කළුවරට බයේ ඇස් වහගන්න එපා... ඒවගේම ඔයා ජිවිතේට බය වෙන්න එපා මගේ පණ තියෙනකන්... 
කාලෙකට පස්සෙ මම තනි වෙලා නැ කියලා දැනුනේ මේ වචනත් එක්ක...ඉතින් මම ජිවිතයට බය වෙන්නේ මොකටද.......

          අනෙක් හේතුව ආයෙමත් මේ පොළවෙ පය ගහන්න පුංචි ඉඩක් තවමත් තියෙනව කියලා දැන ගත්ත එක... පහුගිය ටිකේ කළ වෛද්‍ය පරික්ෂණ වලට අනුව අවුරුදු 12 කට පස්සෙ එයාලා අසනිපය මොකද්ද කියලා හොයාගෙන...ඉතින් ඊයේ දවසේ ජිවිතේ ආයෙමත් අලුත් බලාපොරොත්තුවකින් පිරුනා....

             ජිවිතේ මහ පුදුම දෙයක්...හැම හීනයක්ම මගේම කර ගන්න හදද්දි ඒවා ඈතින් ඈතට ඇදිලා යනවා..ඒත් මට කිසිදෙයක් එපා කියලා අයින් වෙන්න හදද්දි... හැම දෙයක්ම බලෙන්ම ලගට එනවා...ඉතින් දැන් මම සතුටින්....

-----------------------------------
 
මේ උදාවෙන අවුරුද්ද සෑම දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සතුට සැනසීම පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....